Dambadiva Buddha Bhumi Vandana (දඹදිව බුද්ධ භුමි වන්දනා)

bodhgaya_1

📆 Date: ✨ 5-Day Pilgrimage ✨October 9th – 14th, 2025
🚌 Expected Devotees: NA
📌 Locations: Varanasi, Bodh Gaya, and Rajgir
📅 Number of Days: 5 (Missed Work/School Days: Only 3)

📆 Date: 🌿 10-Day Pilgrimage 🌿 October 9th – 19th, 2025
🚌 Expected Devotees: NA
📌 Locations: For those who wish to experience a more complete journey
📅 Number of Days: 10 (Missed Work/School Days: Only 6)

Travel Plan: ✈ Flights:
Colombo → Chennai → Varanasi
Lucknow → Bangalore → Colombo
🚌 By Bus (with in-built washroom facility):
Varanasi → Buddha Gaya
Buddha Gaya → Rajgir → Vaishali → Kushinagar → Shravasti
If you or anyone you know wishes to join, please send us a message:
📩 https://wa.link/l0psi6

🚌 Organized By

“Dambadiva Vandana” is a sacred pilgrimage of deep spiritual significance in Buddhist tradition. It refers to the act of paying homage and respect to the Four sacred Places associated with the life of Gautama Buddha: Lumbini (Load Buddha’s birthplace in Nepal), Bodh Gaya (where Gautama Buddha attained enlightenment in India), Sarnath (where Load Buddha delivered his first sermon in India), and Kusinara (where Load Buddha passed away in India). Pilgrims from around the world embark on this journey to express their devotion and seek enlightenment, connecting with the profound teachings of Buddha along the

14 Days; Schedule, Timeline and Places Visiting
✈️ Day 01 (Colombo –> Delhi)

The Kuru Country…. Known today as New Delhi is a magnificent place!

It is said the people of Kuru Country were extremely wise! Therefore, it is where our Supreme Buddha expounded two of the most profound discourses!

After learning these great discourses, their citizens used to discuss them frequently, with the favoured topic being mindfulness.

May our homage be to the sacred land that our Supreme Buddha expounded the Maha Satipattana Sutta!

✈️ Day 02 (Agra –> Varanasi)

Today we traveled over 850 KM all the way from New Delhi to the city of Varanasi!

Throughout our journey, all we could think was about how our Supreme Buddha and great Arahants walked this distance out of compassion for us all…

There are stories that back in the day, it took Sri Lankan monks over 16 years to come and venerate these sacred places in India…

Do you know what this city was called during the Buddha’s time?

It was known as Bārānasī!

The venerable monks taught us that it was in this very city that the Wheel of Dhamma ☸️ was set in motion!

Not only that but the first monks in the Buddha Sasana were ordained here, establishing the Triple Gem, the Buddha 💎, the Dhamma 💎 & Sangha 💎

Lay devotees went for refuge to the Triple Gem for the first time here as well

So you can imagine what a great land this is, right?

✈️ Day 03 (Varanasi | Bārānasī)

May our homage be to the great sacred land of Isipatana Migadaya in Baranasi! ☸️🦌

DHARMARAJIKA STUPA (ධම්මරාජික ස්ථූපය)

This is where the first Dhamma sermon, the Dhammachakkapavatana Sutta (https://tripitaka.online/sutta/6075) was taught to the five ascetics , thus setting the wheel of Dhamma in motion ☸️

දම්සක් පැවතුම් සූත්‍රය (ධම්මචක්කප්පවත්තන සුත්තං) දේශනා කල තැන – සංයුක්ත නිකාය 5.2 සච්ච සංයුක්තය (https://tripitaka.online/sutta/6075)

It is also where ascetic Kondanna became a Stream Entrant!

පළමුව සම්මා සම්බුද්ධත්වය ගැන සැක පහළ කළ පස්වග මහණුන්ව තමන් වහන්සේගේ දිවියේ පැවති සත්‍යවාදී බලයෙන් දමනය කළ භාග්‍යවතුන් වහන්සේ මංගල දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය වදාළ පින්බිමේ ඉදිකළ සෑය මෙය යි. (මේ මහා භද්‍රකල්පයේ පහළ වූ සතර බුදුරජාණන් වහන්සේලා ම මංගල ධර්ම දේශනය සිදුකළ ස්ථානය මෙයයි.) දස දහසක් ලෝ ධාතුව ම කම්පා කරවමින් සිදුකළ ඒ උතුම් දේශනාව අවසන් වනවිට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වූහ. ලොවට ආර්ය මහා සංඝරත්නය පහළ වූ පින්බිම වන්නේ ද මෙයයි.

May our homage be to sacred place where the Dhamma and Sangha arose in the world!
We chanted the Dhammachakka sutta & offered milk rice, flags, robes, gems, a golden robe, a shawl, incense and may other offerings at this great place!

සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්මචක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්මචේතියමහං සිරසා නමාමී

කම්පා කරවමින් සහස්සී – දස ලෝක ධාතූ
දෙසු සේක අප සම්බුදුන් – දම්සක් දෙසුම් ඒ
බරණැස් පුරේ අසල වූ – මිගදාය වනයේ
ඒ ධම්මචේතිය උතුම් – සිරසින් වඳිම් මම්

May you wholeheartedly rejoice in the great offerings as you did them yourself 🙏🏽✨

DAMSABHA MANDAPAYA (දම් සභා මණ්ඩපය)

This is where Yasa, the son of Sujata met the Supreme Buddha.

After hearing the Dhamma, Yasa became a stream-entrant and listening to the sermon taught to his father, he attained Arahantship. He and his 54 friends were a part of the first 60 Arahants.

it is also here where the Buddha compared Arahant Sariputta Thera to a mother because He trains His pupils in the fruition of sotapanna, the first stage of liberation.

– යස කුල පුත්‍රයා පැවිදි වී අරහත්වයට පත් වීම.
– යස මහ රහතන් වහන්සේගේ ගිහිකල යහළුවන් ද පැවිදිව රහත් ඵලය සාක්ෂාත් කිරීමෙන් රහතුන් හැට නමක් බිහිවීම.
– බුදුරජාණන් වහන්සේ එම රහතුන් හැට නම ධර්ම චාරිකාව සඳහා පිටත්කොට හැරීම.
– ප්‍රථම තේවාචික උපාසකයා සහ උපාසිකාවන් (යස මහරහතන් වහන්සේගේ දෙමාපියන් සහ ගිහිකළ බිරිඳ) බිහිවීම.

MULAGANDHA KUTI VIHARAYA (මූලගන්ධ කුටි විහාරය)

This is the chamber in which Supreme Buddha dwelt in during the first rains retreat.

මෙය බරණැස ඉසිපතන මිගදායේ සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියයි. බුදු රදුන් ප්‍රථම වරට වැඩහුන් ගන්ධ කුටිය නිසා මෙයට මූල ගන්ධකුටිය යයි කියනු ලැබේ. පසුව මේ ස්ථානයේ ධර්මාශෝක රජතුමා කරවූ විහාරයේ නටඹුන්ය අද දක්නට ලැබෙන්නේ. මෙහි ලලාට ධාතූන් වහන්සේ ද වැඩ සිටි බව ‘ධාතු වංශයේ’ සඳහන් වේ.

NAWA MULAGANDA KUTI VIHARAYA AND ANAGARIKA DHARMAPALATHUMAS MUSEUM (නව මූල ගන්ධ කුටි විහාරය)

This monastery was established by Anagarika Dharmapala in 1932 in Baranasi very close to where the wheel of Dhamma was first set in motion.

This monastery also has a Bodhi tree from a sapling from the Jaya Sri Maha Bodhi tree in Sri Lanka.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් මේ විහාරය කරවා ක්‍රි.ව. 1932 වර්ෂයේදී විවෘත කරවන ලදී. ඉතාමත් අලංකාර ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතු පිළිම වහන්සේ නමක් විහාරය තුළ තැන්පත් කර තිබේ. එතුමන් හට ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ නාගර්ජුන කොණ්ඩය හා ධර්මරාජික යන මහා ස්ථූපයන්ගෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා ලබා දුන් අතර ඒ ධාතූන් වහන්සේලා වප් පුර පසළොස්වකට පමණක් ප්‍රදර්ශනය කෙරේ. මේ විහාරය තුළ සෑම දිනකම රාත්‍රී 7ට ධම්මචක්ක සූත්‍ර සජ්ඣායනාව සිදුකරනු ලබයි.

There are also sacred relics of the Supreme Buddha that can be venerated here 🙏🏽

DHAMMIKA CETIYA (ධම්මික සෑය)

This sacred stupa in Baranasi is where our Supreme Buddha recited Anatta Lakkhana Sutta and the first 5 Bhikkhus attained Arahantship! අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කල ස්ථානය)(පඤ්චවග්ගිය සුත්තං) (https://tripitaka.online/sutta/3338)

මෙය ගෞතම බුදු සසුනේ ප්‍රථම රහතන් වහන්සේලා පස්නම බිහි වූ උතුම් පින්බිමයි. කොණ්ඩඤ්ඤ හිමියන් උතුම් වූ සෝවාන් ඵලය සාක්ෂාත් කළ පසු අපගේ භාග්‍යවතුන් වහන්සේ අනෙක් සතර නම ද සෝතාපන්න ඵලයෙහි හික්මවූ සේක. අනතුරුව ඒ පස්නම අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළ සේක. ඒ දෙසුම අවසන් වනවිට පස්වග භික්ෂූන් වහන්සේලා උතුම් අරහත්වයට පත්වූහ. ධර්මාශෝක අධිරාජයා විසින් එහි ‘ධම්මික ස්ථූපය’ නම් මහා සෑයක් කරවන ලදී.

May our homage to be to great Dhammika Maha Stupa!

SAMUKHA SEYA (CHAUKANDI SEYA) (සම්මුක සෑය)

භාග්‍යවතුන් වහන්සේට පස්වග මහණුන් මුණ ගැසුණු ස්ථානය. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන භික්ෂූන් කරා වැඩම කළ භාග්‍යවතුන් වහන්සේට එම පිරිස හමු වූ ස්ථානය මෙයයි. එම සිදුවීම සිහිවීම පිණිස ධර්මාශෝක අධිරාජයා විසින් ඉදිකළ ස්ථූපය “සම්මුඛ චේතිය” ලෙස හැඳින්වෙන අතර අද එය “චෞකණ්ඩි ස්ථූපය” කියා ද හඳුන්වයි

✈️ Day 04 (Varanasi | Bārānasī -> Bodhgaya)

Today we got the blessed opportunity to venerate the most sacred place in the world!

VAJRASANA AND JAYA SRI MAHA BODHINWAHANSE (වජිරාසනය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ)

This is where our Supreme Buddha and all Buddha’s attain Nibbana…the place where Buddha defeated the Mara’s tenfold army…the place where the world starts and ends…the place where our Supreme Buddha resided for 7 weeks after enlightenment…

ජය ශ්‍රී මහා බෝධි මූලයේ නැගෙනහිර දෙසින් වජ්‍රාසනය පිහිටා තිබේ. මෙය අතිශයින්ම සුපූජනීය ස්ථානයකි. සියලු බෝසතාණන් වහන්සේලා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වන උත්තම භූමිය මෙයයි. අනාගතයේදී මෛත්‍රී බෝසතුන් ද සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ බුද්ධගයා වජ්‍රාසන පින්බිමේදී ම ය.

“මාගේ මේ ශරීරයේ ලේ මස් වියළී යතොත් වියළී යේවා. සම් ඇට නහර ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ වීරියකින්, පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යමක් ඇත්ද එය අවබෝධ නොකොට මම මේ ආසනයෙන් නොනැඟිටිමි” යි ඇතිකරගත් බලවත් අධිෂ්ඨානයයි. ඒ මොහොතේ වසවත් මරු දස බිම්බරක් මාර සේනාව සමඟ පැමිණ නොයෙක් අයුරින් බිහිසුණු අරමුණු මවා පාන්නට විය. අප මහා බෝසතාණෝ නොසැලී මෙහි වැඩ හිඳිමින්, මහපොළොව ස්පර්ශ කරමින් තමන් වහන්සේගේ පාරමිතා පුණ්‍ය බලය කියාපාද්දී, මහපොළොව කම්පිත වී මර සෙනඟ පැරදී පලා ගියහ. එසේ මාර පරාජය කොට අනතුරුව පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලබා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ මේ උතුම් පින්බිමේ සිටයි. එම නිසා සැදැහැවත් ශ්‍රාවකයෙකු විසින් දැකබලා පහන් සංවේග උපදවාගෙන වන්දනා කළ යුතු උතුම් ‘බෝධි චේතිය’ මේ වජිරාසන පුණ්‍ය භූමියයි.

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ඡෙත්වා සවාසන ක්ලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතියමහං සිරසා නමාමි

වාඩිවී වජිරාසනේ මත වීරියෙන් දිනු බුදුරජාණෙනි
නේක දොස් ඇති සියලු කෙලෙසුන් නසා ජයගත් මුනි රජාණෙනි
ඤාණ බලයෙන් යුතුව සම්බුදු බට පත් වූ සිහරජාණෙනි
බෝධි චේතිය වඳිමි සිරසින් සිතා සම්බුදු ගුණ සුවාමිනි

Week 1: (පළමු සතිය: බෝධි මූලය)
The Supreme Buddha meditated under the Bodhi Tree.

පළමු සතියෙහි බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයෙහි වැඩ හිඳීමින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරමින් සිටිසේක. සිදුහත් තාපසතුමා තවමත් බෝධි මූලයෙහි සිටින්නේ බුද්ධත්වයට පත්වී නැති නිසා යැයි දෙවියෝ සැක පළ කළහ. එම අදහස දැනගත් උන්වහන්සේ දෙවියන්ගේ සැකය දුරු කරගැනීම සඳහා අහසට නැඟී යමා මහා පෙළහර පෑ සේක. මෙය දුටු දෙවියෝ තමන්ගේ සැකය දුරුකර ගත්හ.

Week 2: (දෙවන සතිය: අනිමිස ලෝචන චෛත්‍යය)
Animisalochana Puja – The Supreme Buddha gazed at the Bodhi Tree out of gratitude.

සම්බුද්ධත්වය ලබා දෙවන සතියේ බුදුරජාණන් වහන්සේ බෝ රජුන්ට ඊසාන දෙසට වන්නට වැඩ සිටි සේක. සම්බුද්ධත්වයට සෙවන සලසාලූ උතුම් බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීමක් වශයෙන් එහි වැඩ හිඳිමින් පුරා සතියක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් අනිමිසලෝචන පූජාව සිදුකළ සේක. බුද්ධගයා මහා විහාරයට යාර දෙසීයක් පමණ දුරින් වර්තමානයේ එහි මහා විහාරයේ හැඩයට ම විහාරයක් කරවා ඇති අතර එය අනිමිසලෝචන චෛත්‍යයයි.

සත්තා සුදං පරිත්තතය කප්පකෝටි
සම්පතිතිතං විජය බෝධි මහෝපකාරං
සත්තාහ මච්ඡ නිමි සඛිකි සුගේන යස්මිං
වන්දාමි තං නිමස චේතිය මච්චුලාර!

Week 3: (තුන්වන සතිය: රුවන් සක්මන)
The Buddha practiced walking meditation on a jeweled path.

මෙය බෝධීන් වහන්සේටත් අනිමිසලෝචන චෛත්‍යයටත් අතර පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් තුන්වන සතියේ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් රුවන් සක්මනක් මවාගෙන මෙහි සක්මන් කළ සේක. වර්තමානයේ එය සිහිපත් කරවමින් ඉදිකරවා ඇති උසින් අඩි 3කුත්, පළල අඩි 3.5කුත් දිග අඩි 53කුත් වන ඉදිකිරීමක නටබුන් දක්නට තිබේ. මෙහි කණු යොදා සුරක්ෂිත වහලයක් කරවා තිබෙන්නට ඇත. මේ වටා කණු තිබූ බවට සාධක තිබේ.

පල්ලකතෝ නිමිස චේතිය තෝච සත්තා
මජ්ජේහි නිම්මිත සවිම්භය වංක මස්මිං
ස්මිං දිනානි වසි චංකම මේව සත්ත
වන්දෝ මුදා රතන චංකමනං සුහං තං!

Week 4: (හතරවන සතිය: රුවන්ගෙය (රතනාඝරය))
The Buddha meditated in the Jewel House, Ratanagara

සිව්වැනි සතියේදී බුදුරජාණන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වයඹ දෙසින් පිහිටි රුවන් ගෙයි වැඩ සිටි සේක. එසේ වැඩ සිටිමින් උන්වහන්සේ සොයා ගත් ගැඹුරු දහම් කාරණා මෙනෙහි කළ සේක. එවිට බුදුහිමිගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් විහිදුණු සේක.

සෝ පච්ච මුත්තර දිඝාය දුමින්ද මූලා
දේවාහි නිම්මිත සුතේ රතනාලයම්හි
සත්තාභිධම්ම මකුලං වසි සම්ම සන්තෝ
වන්දේ මුදානව රතනාලය චේතියං තං!

Week 5: (පස්වන සතිය: අජපාල නුගරුක් සෙවන)
The Buddha meditated under a Ajapala tree. Here the Blessed One also defeated the Mara’s 3 daughters, Tanha, Rati and Raga.

සම්බුද්ධත්වයෙන් පස්වෙනි සතිය ගතකළ අජපාල නුග රුක් මූලය සිහිකරවමින් පුවරුවක් ද සහිතව කුඩා ස්ථම්භයක් බුද්ධගයා මහා විහාරය ඉදිරිපස පිහිටුවා ඇත. (අජපාල නුගරුක පිහිට සැබෑ ස්ථානය උරාලා ගමේ පිහිටි ස්ථානයයි.)

පස්වැනි සතියේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළේ අජපාල නම් නුග රුක මුලට ය. මේ රුක් සෙවණෙහි සතියක්ම උන්වහන්සේ සමාප්ති සුවයෙන් වැඩ සිටි සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ගුරු තනතුරෙහි තබා ගැනීමට උන්වහන්සේ තීරණය කළහ. මේ අවස්ථාවේදී මාර දූවරු තිදෙනා වූ තණ්හා, රතී, රඟා, බුදුහිමිගේ සිත වෙනස් කිරීමට දැඩි සේ උත්සාහ ගත්හ. එහෙත් එයින් පලක් නොවිණි.

ධම්මං විනං වර විමුක්ති රසං පවින්දං
කාඛා ජටාටයං සුර සුන්දරීනං
යස්මිං මහේසි විහරිත්ථ ජපාල මූලේ
වන්දා මහං තමජපාල මනග්ස චේත්‍යං!

Week 6: (හයවන සතිය: මුචලින්ද විල)
The Buddha meditated under the Muchalinda tree. The Muchalinda Naga provided shelter for the Blessed Ons here.

සම්බුද්ධත්වයෙන් සයවන සතියේ සම්බුදු රජුන් මුචලින්ද විල අසල පිහිටි මිදෙල්ල රුක් සෙවනේ වැඩ සිටින මොහොතේ අකල් වැස්සක් හටගත්තේය. එවිට මුචලින්ද නා රජු වැස්සෙන්, පින්නෙන්, සුළඟින් බුදු රජුන්හට පීඩාවක් නොවේවායි සිතා සුවිසල් නාග ශරීරය සම්බුදු රජුන් වටකොට ගෙන දරණලා, සිරසට ඉහළින් මහත් වූ පෙණගොබයක් කොටගෙන සිටියේය. බුද්ධගයා භූමියේ එය සිහිපත් කරවීමට පසුකාලීනව විලක් කරවා ඒ මැද නාග දරණ ප්‍රතිමාවක් ද ඉදිකරවා තිබේ.

එහෙත් සැබෑම මුචලින්ද විල පිහිටි ස්ථානය නේරංජරා නදියෙන් එතෙර පිහිටි මුචලින්ද ගමයි. අද එම ස්ථානය ජරාවාස වෙමින් පවතී. අද ඒ ගම හඳුන්වන්නේ මුචාරි නමිනි.

සත්තාහ වද්දලිත දුක්ඛ නිවාරණතේරි
භෝගින්දනා රචිත භෝග කුටීර මජ්ජේ
යස්මිං විමුක්ති අතුලං විහරී පචින්දං
වන්දේ කම්භ භූත වහං මුචලින්ද වාසං!

Week 7: (හත්වන සතිය: රාජායතන නම් කිරිපලු නුග රුක මුල)
The Supreme Buddha meditated Under the Rajayatana Tree. The Supreme Buddha met Tapassu and Ballika.

සජ්ජන්ත චේතිය තරූ රචිනානි සද්ධා
සංවේග තාහි චලිතේ සුවිසාල මූලේ
යත්‍රා වසිත්ත සුගතෝ දිවසානි සත්ත
රාජා දිකායතන ඨාන විමං නමාමි!

මෙය බුද්ධගයා මහා විහාරයේ දකුණු පැත්තට වෙන්නට පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් සත්වන සතියේ කිරිපලු නුගරුක් සෙවනේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක. එහි පැමිණි තපස්සු සහ භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුරජුන් හට විළඳ හා මී පැණි පිළිගැන්වීය. අනතුරුව ඔවුහු බුද්ධ රත්නය සහ ධර්ම රත්නය සරණ ගියෝය. ඒ මේ බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටිවිට අප බුදුරජාණෝ ඔවුන්හට කේශධාතු ලබාදුන් සේක.

මෙය සිහිපත් කරවීමට රෝපණය කල කිරිපලු රුකක් ද දක්නට ඇත. එහෙත් සැබෑවට ම රාජායතනය පිහිටි ස්ථානය ලෙස සැලකෙන්නේ බුද්ධගයා විහාර භූමියට නුදුරින් පිහිටි ස්ථානයකි. අද එහි විශාල ඇසතු වෘක්ෂයක් සහ කුඩා හින්දු කෝවිලක් දක්නට ලැබේ.

පඨමං බෝධි පල්ලංකං – දුතියං ච අනිම්මිසං
තතියං චංකමනං සෙට්ඨං – චතුත්ථං රතනාගරං
පඤ්චමං අජපාලං ච – මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං – වන්දේ තං මුනිසේවිතං

✈️ Day 05 (Bodhgaya)

Second Day; We went to Vajirasanaya again and we offered Kiri Pidu, Robes, Flags, Flowers, Light, Fragrance, Shawls, Mats and many more!

May you all wholeheartedly rejoice 🙏🏽✨ May our homage be to the great Vajrasana where all Buddha’s defeat the Mara’s Army & realise the Four Noble Truths!

Then we offered Sangha dana to the Maha Sangha

වජිර සංඝාත සරීරෝ – වජිර ඤාණ නමාකරෝ
යෝ බුද්ධෝ බෝධි මූලම්හි – නිසින්නෝ වජිරාසනේ
පඨමේ පුබ්බේනිවාසං – මජ්ක්‍ධිමේ දිබ්බචක්ඛුකං
පච්ජිමේ සබ්බසංඛාරේ – සම්මස්සං ලක්ඛකෝටියං
ඡත්තිංසාය කෝටි සතසහස්ස – මුඛේන පච්චයං
ඕතාර මහා වජිරේන – සුසම්බුධාවක්ඛයං
බුද්ධභූමි නිට්ඨංයෝ – සෝ මහා වජිරාඤාණසා
බෝධතෙයියෝ සුඛෝධෙත්වා – බෝධේසිතං නමාමහං

වජිරාසන මත වැඩහිඳ- විදුරු නැණබලින් සපිරුණ
නුවණ විහිද වූ මුනිඳුන් – සදා වඳිමි මම්
බෝධි මූලයේ සෙවනේදී – පුදා දිවි උතුම් නිවනට
පරදා සේනා ඇති මරු – පින් බලය මතු කළේ
සොයාගත් නිවන් මඟ තුළ – සම්බෝධිරාජ බවට පැමිණ
පුබ්බේනිවාස ඤාණය ලැබ – ප්‍රථම යාමයේ
සුගති දුගතියෙහි ඉපදෙන – ලෝ සතුනගේ දුක දැනගෙන
දිවැස් නුවණ ලැබූ සේක – මැදුම් යාමයේ
සියලුම සංස්කාර ලොවේ – නුවණින් විමසා බලමින්
ලක්ෂ කෝටි වාර ගණන් – එය මෙනෙහි කළේ
සතිස් කෝටි සිය දහසක් – හේතුඵල දහම් විමසා

We returned to the Maha Bodhi Viharaya in the evening to perform a Pahan Puja and decorate the Jaya Sri Maha Bodhinwahanse with garlands of flowers.

✈️ Day 06 (Bodhgaya | Durgeshwari)

DURGESHWARI (දුර්ගේෂ්වරී)

This is where the Bodhisatta undertook rigorous austerities (Dushkarakkriya) for six years in search of Enlightenment.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පතා වසර හයක් තිස්සේ දැඩි දුෂ්කරක්‍රියාව කළේ මෙහිදීය. නේරංජරා නදියේ වම් ඉවුර හරහා කි.මී.15ක් පමණ ගිය විට දුර්ගේෂ්වරී කඳුවැටිය පාමුලට පැමිණිය හැක. මෙය ව්‍යවහාරයේදී දුන්ගේෂ්වරී, දුංගේෂ්වරී ලෙස ද හඳුන්වයි. කඳු මුදුනේ අද තිබෙන්නේ තිබ්බත (ටිබෙට්) පන්සලකි. එහි කුඩා ගල්ලෙනක් තුළ දුෂ්කරක්‍රියා සමයේ අප බෝසතුන්ගේ කය වැහැරී තිබූ අයුරු දැක්වෙන කුඩා පිළිමයක් තිබේ.

විසි නවවන වියේදී රාජ සුඛුමාල ජීවිතය අතහැර අභිනිෂ්ක්‍රමණය කළ අප මහා බෝසතාණන් වහන්සේ උතුම් නිවන සාක්ෂාත් කරගැනීම පිණිස දුෂ්කර වූ ප්‍රතිපදාවකට බැසගත් සේක. ඒ බව අරිය පරියේසන සූත්‍රයේ දැක්වේ (https://tripitaka.online/sutta/339) . සිතා ගැනීමටවත් අසීරු ආකාරයේ තපස් චරියාවන් කරමින් සය වසරක් අප මහා බෝසතාණෝ දුෂ්කරක්‍රියා කරමින් ගතකළේ මේ දුර්ගේෂ්වරී කන්ද සහ රජගහ නුවර ආශ්‍රිතවය.

භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ බුද්ධගයා පුණ්‍යභූමියත් සත් සතිය ගතකළ පූජනීය ස්ථානත් සැදැහැයෙන් වන්දනාමාන කරගෙන මහත්ඵල මහානිසංස පින් රැස්කර ගනිමු.

May our homage be to our Supreme Buddha’s incomparable effort 🙏🏽✨

SUJATA STUPA (සුජාතා ස්ථූපය)

This is where Sujatha, the first female lay disciple and Arahant Yasa’s Mother, offered milk rice (Kiripidu) to the Bodhisatta.

5 වැනි සතිය ගත කල ස්ථානය. බුද්ධගයා මහා විහාරයේ සිට ඵල්ගු නදියෙන් එතෙරව කි.මී. 3ක් පමණ ගියවිට මෙම ස්ථානය හමුවේ. එකල උරුවෙල් දනව්වේ සේනානි නම් වූ මේ ගම වර්තමානයේ උරාලා නමින් හැඳින්වේ. එහි විසූ සුජාතා නම් සිටු දියණිය අජපාල නම් සුවිසල් නුගරුකට බාරයක් විය. ඇය තම බාරය ඔප්පු කිරීමට ප්‍රණීත කිරිපිඬු දානයක් සකසාගෙන එද්දී නුගරුක මුල අප මහා බෝසතාණෝ වැඩසිටිනු දැක ඉතා සතුටින් කිරිපිඬු පිළිගැන්වූවාය. බෝසතාණන් වහන්සේ ඒ කිරිපිඬු දානය පිඩු 49කට සකසා වැළඳූ අතර එය සම්බුද්ධත්වයට පෙර වැළඳූ අවසාන දානයයි. අද එම ස්ථානයේ එම සිදුවීම සිහිපත්වීම පිණිස පිළිරූ තනා ඇත. එමෙන්ම මුල් නුගරුක නොවුනද අදත් එම ස්ථානයේ නුගරුකක් පිහිටා තිබේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා පස්වන සතියේ වැඩසිටියේත් එමෙන්ම සහම්පති බ්‍රහ්මරාජයා දහම් දෙසීම පිණිස බුදුරජුන්ට ආරාධනා කලේත් මෙහිදීමය.

MAHAMEVNAWA ASAPUWA, BODHGAYA (බරණැස මහමෙව්නාව අසපුව)

✈️ Day 07 (Bodhgaya -> Rajagaha)

GIJJAKUTA HILL – RAJAGAHA (ගිජ්ජකූට පර්වතය)

රජගහ පුරය මගධ රට අගනුවර යි. මෙය ගංගා නදියට (දකුණෙන්) යොදුන් 5 ක් පමණ ඈතින් පිහිටියේ ය. මෙයට පූර්ව කාලයෙහි වසූමතී යන නාමයෙක් වී ය. වසූ නම් රජකු විසින් මෙය ඉදිකරන ලදැ යි රාමායණයෙන් පෙනේ. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙළේ මහාගෝවින්ද පඬිතුමා ය. මෙයට මාගධ පුර, ගිරිව්‍රජ පුර යන තවත් නම් දෙකක් ද විය. බුද්‍ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිව්‍රජ පුර යන නම් දෙක බැවහාර වී ය. ගාලක් වටේ බැඳි වැටක් මෙන් නුවර හාත්පස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත පස පිහිටියේ ය.

දහහත්වෙනි වස් කාලය ද ගතකළේ රජගහනුවර ම ය. විසිවෙනි වස්කාලය යළි ගතකළේ රජගහනුවර යි.

SUPREME BUDDHA’S KUTI AT GIJJAKUTA (සුගන්ධ කුටිය)

The above photos are the offerings we made to our Supreme Buddha’s Kuti. This is the hill where the Atanatiya Sutta was first chanted. https://tripitaka.online/sutta/240

May you all wholeheartedly rejoice 🙏🏽

We also got to venerate and make offerings to the Kuti’s where the following great Arahants resided:
– Arahant Ananda Thera
– Arahant Saripuththa Thera
– Arahant Maha Kassapa Thera
– Arahant Maha Moggallana Thera

ARAHANT ANANDA THERO’S KUTI (ආනන්ද ස්වාමින් වහන්සේගේ කුටිය)

යෝ චිත්තකථී ධම්මධරෝ – සතිමතෝ ගතිධිතීමතෝ
සුගතස්ස කෝසාරක්ඛකෝ – පූජනීයෝ බහුස්සුතෝ
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුතානන්දත්ථේරං

අප සුගත් සම්බුදු රජුන්ගේ – මහා දම්කඳ රැකගෙන
සොඳුරු බණපද පවසන – විස්මිත මතක බල ඇති
මනා සිහි ඇති මහා නුවණැති – සුපූජිත බහුශ්‍රැත වූ
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
උතුම් අරහත් අනඳ මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

ARAHANT MAHA KASSAPA THERA’S KUTI (මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ කුටිය)

යෝ දායාදෝ බුද්ධසෙට්ඨස්ස – විසිට්ඨෝ ධුතගුණේ මුනී
උපසන්තෝ උපරතෝ – පන්තසේනාසනෝ විදූ
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුත මහා කස්සපං

බුදුරජුන්ගේ උතුම් දායාදය වූ – යම් මහරහත් උතුමෙක්
අග්‍ර වී සීල ධුත ගුණෙන් – සංසිඳී නිකෙලෙස් වී
දුර ඈත වන අරණෙ වැඩහිඳ – දෙව් මිනිස්නට සැපත සැදුවෙද
ඒ විතරාගී සමාහිත ඉඳුරන් ඇති – පිරිනිවන් වැඩි අපගේ
මහාකස්සප රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

ARAHANT SARIPUTTA THERO’S KUTI (සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කුටිය)

යෝ ධම්මසේනාපතී සුපූජිතෝ – පඤ්ඤාය පාරමිං ගතෝ
ගම්භීරපඤ්ඤෝ මේධාවී – මග්ගාමග්ගස්ස කෝවිදෝ
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං

මහා අගසව් රහත් උතුමෙක් – සුපූජිත වූ දහම් සෙනෙවිව
මුදුන්පත් වී මහා ප්‍රඥාවෙන් – ගැඹුරු නුවණින් මහා නුවණින්
මග නොමග නිසි ලෙස දකින්නට – මහා දස්කම් පෑවෙද
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
උතුම් සැරියුත් රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

ARAHANT MAHA MOGGALLANA THERA’S KUTI (මුගලන් මහ රහතන් වහන්සේගේ කුටිය)

මහා මොග්ගල්ලානත්ථේර බෝජ්ජංග සූත්‍රය දේශනා කලේ මේ ලෙනේදීය) (https://tripitaka.online/sutta/2962)

යෝ මහානුභාවෝ ඡළභිඤ්ඤෝ – ඉද්ධියා පාරමිං ගතෝ
සෝ විකුබ්බනාසු කුසලෝ – වසීභූතෝ මහිද්ධියා
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුත මොග්ගල්ලානං

මහා අගසව් රහත් උතුමෙක් – සයක් වූ මහ අභිඥා ලැබ
මුදුන්පත් වී ඉර්ධි බලයෙන් – මහා අනුහස් පෑවෙද
දක්ෂ වී මහා පෙළහරෙහි – ඉර්ධි බල තම වසඟයට ගත්
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
මහා මුගලන් රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

SAPTAPARNI CAVE – RAJAGAHA (සප්තපර්ණී ගල් ගුහාව)

Our Supreme Buddha resided in this cave. It is also where the first-ever Buddhist Council with 500 Arahants was held after Buddha’s Maha Parinibbana. Arahant Maha Kassapa led the council, Arahant Upali chanted the Vinaya and Arahant Ananda chanted the Suttas

පළමු ධර්ම සංගායනාව දේශනා කල ස්ථානය, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින්ද පරිහරණය කර ඇති ස්ථානයකි

WÃLA SANGÃTIYA STUPA (වාල සන්ඝාට චෛත්‍යය)

When Supreme Buddha’s eight drone of sacred relics was dispersed to 8 kingdoms, Arahant Maha Kassapa seeing the future danger that will happen, collected the sacred relics together using psychic powers while keeping a few relics in several stupas.

All the relics are enshrined in this stupa except the relics which are now enshrined in Ruwanweli Maha stupa. The relics were protected by a machine that was created by Viskam Deva. Later Emperor Ashoka recieved these relics and built 80,000+ stupas enshrining these relics across India! May our homage be to this great Stupa which enshrined 7 dronas of the Supreme Buddha’s relics!

ද්‍රෝණ හතක් ධාතු තැන්පත් කල ස්ථානය. 

May our homage be to this great stupa which enshrined 1/8th of the Supreme Buddha’s relics. 🙏🏽

VELUVANARAMAYA (වේළුවනාරාමය)

The Bamboo Grove monastery that was offered by King Bimbisara! It is the first Arama Puja in the Buddha Sasana 🙏🏽🙏🏽🙏🏽

දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි වස්කාල රජගහ නුවර වේළුවනාරාමයේ වස් වසා වැඩ සිටි සේක.

බුද්ධකාලීන භාරතීය සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය වූ මගධයේ අගනුවර රජගහ නුවර යි. ගංගා නදිය මෙහි උතුරු සීමාව වූ අතර දකුණෙන් වින්ධ්‍යා කඳු වැටිය ද බටහිරින් සෝණ නදිය ද මගධයේ සීමාවන් විය. වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට පුරාණ මගධය අයත් වේ.
වේළුවන උයන පිහිටා තිබුණේ රජගහ නුවරට සමීපවය. එය බිම්බිසාර රජුගේ රාජකීය උද්‍යානය වූවේය. මෙහි උණ ගස් ​බොහෝමයක් පිහිටි හෙයින් වේළුවන යන නාමය ලැබී තිබිණි. මෙම උයනේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු වූවේය. එනම් සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කර රජගහ නුවරට වැඩි දිනයේ බිම්බිසාර රජු තවුසාට රාජ්‍ය පාලනයට කතා කළේය. එහෙත් එය නොපිළිගත් ඔහු තම අරමුණ බුදුබව ලැබීම බව පැවසීය.

එසේ නම් බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව රජගහ නුවරට වඩින ලෙස රජු තවුසාට ආරාධනාවක් කළේය. බුදු රජාණන් වහන්සේ පොරොන්දු වූ පරිදිම රජගහ නුවරට වැඩි සේක. බිම්බිසාර රජු ඇතුළු පිරිසට සද්ධර්මය අනතුරුව දේශනා කළ සේක. බුදු රදුන්ගේ බණ ආසා සෝතාපන්න වූ රජු ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවන අරම පූජා කළහ.

එසේ පූජා කළ වේළුවන ආරාමයේ දී බුදුන්වහන්සේ තෙවන සිව් වන සතළොස් වන සහ විසි වන වස්කාල ගත කළ සේක.

(උපාලි සූත්‍රය (https://tripitaka.online/sutta/443) දේශනා කලේ මෙහිදීය, නාලාගිරි දමනය සුමන මල් කාරයාගේ සිද්ධිය පින්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේගේ ප්‍රාතිහාර්ය පෑම ආදී බොහෝ සිද්ධි මෙහිදී සිදු වුනා)

May our homage be to this sacred site 🙏🏽✨

✈️ Day 08 (Rajagaha -> Vishala Maha Nuwara -> Kusinara)

VISHALA MAHA NUWARA (විශාලා මහනුවර)

පස්වෙනි වස් කාලය විශාලා මහනුවර මහවනයේ ගතකළ සේක. ගණතන්ත්‍ර පාලනයක් පැවති ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජී ජනපදයේ අගනුවර විශාලා මහනුවර විය. තුන්බිය දුරු කිරීම පිණිස උතුම් රතන සූත්‍රය දේශනා කරන ලද්දේත්, දෙවෙනි ධර්ම සංගායනාව පැවැත්වූයේත් විශාලා මහනුවරදී ය. වර්තමානයේ උත්තර ප්‍රදේශයේ හෙවත් උතුරු ඉන්දියාවේ පිහිටා ඇත.

STUPA AT THE AMBAPALI MANGO GROVE (ද්‍රෝණයක් ධාතු තැන්පත් කල සෑය)

May our homage be to this great stupa which enshrined 1/8th of the Supreme Buddha’s relics. 🙏🏽

(මෙහි ද්‍රෝණයක් ධාතු තැන්පත් කල සෑය ද වන්දනා කළා ) – සත්ත සුරියුග්ගමන සූත්‍රය දේශනා කලේ අම්බපාලි අඹ වනයේදීය ) (https://tripitaka.online/sutta/10880

භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ලිච්ඡවී රජුන්ට ලැබුණු ශාරීරික ධාතු මහත් ගෞරවයෙන් යුතුව තැන්පත් කොට විශාලා මහනුවර මහාසෑයක් කරවීය. මෙහි කුරුණියක් පමණ ධාතූන් වහන්සේලා නිධන් කර තිබූ බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අශෝක අධිරාජයා කරවූ චෛත්‍යයන්හි නිධන් කිරීමට ලබාගෙන ඇති බවත් හියුංසියෑං තෙරුන් සඳහන් කරයි.

KUTAGARASHALAWA – VISHALA MAHA NUWARA (කූටාගාර ශාලාව)

Our Supreme Buddha has dwelled in this monastery and during this time, Saccaka, who was a clever debater tried to challenge the Buddha.

After Blessed One’s passing away, in this place the sacred forehead bone relic (Lalata Datunwahansa) was enshrined.

Females received ordination here from the Buddha to become Bhikkunis.

ලලාට ධාතුන් වහන්සේ මෙහිද කලක් තැන්පත් කර තබා ඇත

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළ අවස්ථාවන්හී වැඩි කාලයක් වැඩහුන් කූටාගාර ශාලාව පිහිටා තිබුණේ නගරයෙන් බටහිර දිසාවේ තිබුණු මහ වනයෙහි ය. විශාලා නුවරවාසී සැදැහැවතුන් භාග්‍යවතුන් වහන්සේට සුගන්ධ කුටියක් ද භික්ෂු සංඝයාට දිවාස්ථාන රාත්‍රීස්ථාන කරවා ආරාමයක් ද පිදූහ. උස් මුදුන් වහළ තිබෙන ගොඩනැගිලි සමූහයකින් යුක්ත වූ බැවින් සමස්ත සංඝාරාමය ද කූටාගාර ශාලාව නමින් හැඳින්විණි.

ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රධාන පන්සියයක් කුල කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දී භික්ෂුණී සංඝයාගේ ආරම්භය සිදුවූයේ ද මෙහි දී ය.

එමෙන් ම සච්චක තෙරුවන් සරණ ගියේ ද භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් තමන් වහන්සේ පිරිනිවන්පානා බව භික්ෂු සංඝයාට දැනුම් දුන්නේ ද මෙම කූටාගාර ශාලාවේ දී ම ය.

සච්චක සූත්‍රයේ සදහන් ගාථාව:(සච්චක පසු කලක ලංකාවේ ඉපදී කලුබුද්ධරක්ඛිත නමින් පැවිදිව රහතන් වහන්සේ නමක් බවට පත් උනා)

බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති
චතුරාර්ය සත්‍ය අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට ද ධර්මාවබෝධය පිණිස ධර්මය දේශනා කරන සේක.
දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති
පරිපූර්ණ වශයෙන් දමනය වූ භාග්‍යවතුන් වහන්සේ දමනය වීම පිණිස ධර්මය දේශනා කරන සේක.
සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති
සංසිඳුනා වූ භාග්‍යවතුන් වහන්සේ සංසිඳීම පිණිස ධර්මය දේශනා කරන සේක.
තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති
සතර අපායෙන් ද, සසර කතරින් ද එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට ද එතෙර වීම පිණිස දහම් දෙසනා කරන සේක.
පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති
රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට කෙලෙස් පිරිනිවීමට පත් වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ද කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිස, පිරිනිවන් පෑම පිණිස දහම් දෙසනා සේක.

මේ අර්ථයන් පිණිස පන්සාළිස් වසක් මුළුල්ලේ ශාස්තෘන් වහන්සේ අමා දහම් වැසි වැස්ස වූ සේක. චූළ සච්චක සුත්තං (මජ්ඣිම නිකාය) – https://tripitaka.online/sutta/369

ANANDA STUPA – VISHALA MAHA NUWARA (ආනන්ද ස්ථූපය)

රතන සූත්‍රය දේශනා කල ස්ථානය) – https://tripitaka.online/sutta/11724

ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කොට කරවූ ස්ථූපය ආනන්ද ථූපය යි. එසේ කරවන ලද ස්ථූප හයක් ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ඉන් දෙකක් ගංගා නදියේ වම හා දකුණු ඉවුරු අසල ද තෙවැන්න විශාලා මහනුවර ද සිව්වැන්න රජගහ නුවර ද පස්වැන්න සැවැත්නුවර ද සයවැන්න මථුරා නුවර ද කරවූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ.

KESARIYA STUPA (කේසාරියා ස්ථූපය)

Our Supreme Buddha has had water here before going to Kusinara for the Maha Parinibbana. This stupa was built enshrining that alms bowl.

විශාලා නගරයට සැතපුම් 30ක් පමණ වයඹ දිගින් වූ කේසරියා ගමෙහි කරවූ ස්ථූපයක් වන මෙය විශාලාවටත්, කුසිනාරාවටත් අතර පිහිටා තිබේ. අතීතයේ මෙය කාලාමවරුන් වාසය කළ කේසපුත්ත නම් නියම්ගම යි. බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරාවට වඩින කල්හී එය දැනගත් ලිච්ඡවීහු විශාලා නුවරින් පිටත්ව හඬමින් උන්වහන්සේ පසුපස යන්නට වූහ. වචනයෙන් ඔවුන් සැනසිය නොහැකි බැවින් ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් ගංගාවක් මැවූහ. රළ පහරින් යුත් මහෝඝයක් ඇති ඒ ගඟෙන් එතෙර විය නොහැකි ලිච්ඡවීහු අතරමග නැවතුණහ. ශෝකාතුර ලිච්ඡවීහු සැනසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ තම පාත්‍රය පූජා වස්තුවක් වශයෙන් ඔවුන්ට ලබා දුන් සේක.

මේ ලිච්ඡවී නිවර්තනය සිදුවූ තැන පසුකලෙක ධර්මාශෝක රජු විසින් ඉදි කළ මහා ස්ථූපය “කේසරියා ස්ථූපය” නමින් හැඳින්වේ. මේ ස්ථූපය තුළ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව තැන්පත්ව ඇති බවට ද විශ්වාසයක් පවතී.

May our homage be to that great stupa 🙏🏽✨

✈️ Day 09 (Kusinara)

KUSINARA (කුසිනාරා නුවර)

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා සිය කැමැත්තෙන් ම කුසිනාරාවට වැඩම කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. පිරිනිවන සඳහා විශාලා මහනුවරින් පිටත් වූ බුදුරජාණන් වහන්සේ භෝග නගරය පසුකොට පා තබන ලද්දේ පාවා නුවරට ය. පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් ගසක් මුල වැඩහුන් බුදුරදුන් දැක සිත පැහැදී තෙරුවන් සරණගොස් අගනා රන් සළු දෙකක් පූජා කළේ එහිදී ය. බුදුරජාණන් වහන්සේ පාවා නුවරට ගව් තුනක් (සැතපුම් දොළසක්) දුරින් පිහිටි කුසිනාරාවට වැඩම කළේ හිරණ්‍යවතී නදියෙන් එතෙර වීමෙනි. එසේ වඩින අතරතුර රෝගී තත්ත්වය මත විවේක ගනිමින් වැඩම කොට සන්ධ්‍යා කාලයෙහි කුසිනාරා නුවර උපවර්තන නම් සල් වනයට වැඩි සේක.

සල්වනයට වැඩි බුදුරදුන් අනඳ තෙරුන් ලවා සල්ගස් දෙකක් අතර උතුරට හිස සිටින සේ ඇඳක් පිළියෙල කරවාගෙන, යළිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපුන සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දෙවි දේවතාවෝ අවසාන වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලාගෙන වන්දනා කිරීමට දිව මල්, දිව සුවඳ ගෙන උපවත්තන සල් වනයට පැමිණියහ. දිව මලින්, දිව්‍ය සුගන්ධයෙන් බුදුරදුන් පිදූහ.

භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියෙහි පෙරයම මල්ල රජ දරුවන් ප්‍රධාන රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා, රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයාට දහම් දෙසා (හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ) “මහණෙනි, අවසන් වරට දැන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එබැවින් අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරන්න” යි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදී ඉන් නැඟී සිට අලුයම් කාලයේදී සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍යතාවය ප්‍රකට කරවමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු මල්ල රජදරුවෝ සම්බුද්ධ දේහය අගනා සියුම් වස්ත්‍ර දහසකින් වෙලා, සත් රුවන් දෙනක බහා, එය වියන් ආදියෙන් විසිතුරු ලෙස සැරසූ මණ්ඩපයක තැන්පත් කොට, සුවඳ මල් සහ සුවඳ සුණු විසිරවූහ. සතියක් පුරාවට එසේ පුදපූජා පවත්වා සිවිගෙය ඔසවාගෙන, මහා පුද පෙරහැරකින් වැඩමවාගෙන ගොස් උතුරෙන් වූ ගඟෙන් එතෙර වී, රන් දෙණ සුවඳ තෙලින් පුරවා, සුවඳ දරින් තැනූ සෑයක තැන්පත් කොට අපමණ ගෞරවයෙන් ආදාහනය කළහ. චිතකය දැවී ගිය පසු සම්බුද්ධ ශරීරය වෙළුෑ වස්ත්‍ර දහසෙන් පිටතින් ම වූ වස්ත්‍රයත්, ඇතුළතින් ම වූ වස්ත්‍රයත් අසිරිමත් ලෙස නොදැවී ඉතිරි වුනි. සතර දළදා වහන්සේ, අකු ධාතූන් වහන්සේලා දෙනම, ලලාට ධාතූන් වහන්සේ නොබෙදී පැවතුන අතර අනෙකුත් අස්ථි ධාතූන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානය පරිදි මුං පියලි, සහල් ඇට සහ අබ ඇට ප්‍රමාණයට විසිරී ගිය සේක.

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර පිරිනිවන් පෑ අවස්ථාවේ තෘතීය අග්‍ර ශ්‍රාවක, ශාසනභාරධාරී මහා පින් ඇති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහි නොසිටි බැවින්, උන්වහන්සේ වැඩම කරන තෙක්, දෙවිවරුන්ගේ බලපෑම මත චිතකයට ගිනි නොඇවිලුන බව සඳහන් ය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කොට සම්බුද්ධ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු, මල්ල රජදරුවන් ඔටුනු පළඳින තැන (මකුට බන්ධන) සකසා තිබූ චිතකයට ගිනි ඇවිලිනි. අනතුරුව සර්වඥ ධාතු බෙදා ගැනීම උදෙසා රජවරුන් අතර මතභේද ඇති වූයෙන් ද්‍රෝණ බ්‍රාහ්මණයා මැදිහත්ව, ද්‍රෝණ 8ක් (නැළි 16ක්) වූ ධාතූන් වහන්සේලා සියලු දෙනාට ම බෙදා දෙන ලදී. එහිදී ධාතූන් වහන්සේලා ලබා ගත් රජවරුන් එම ධාතු තැන්පත් කොට චෛත්‍ය ගොඩනැගූ ආකාරය පහත පරිදිය.

බමගධ රාජ්‍යයේ අජාසත් රජුට දෙන ලද ධාතු රජගහ නුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ට දෙන ලද ධාතු විශාලා මහානුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
කපිලවත්ථු පුරයේ ශාක්‍යයන්ට දෙන ලද ධාතු කපිලවත්ථු පුරයේ චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
අල්ලකප්පයෙහි බුලීවරුන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
රාමග්‍රාමයෙහි කෝලියයන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
වේඨදීපවැසි බ්‍රාහ්මණයාට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
පාවා නුවර මල්ලයන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
කුසිනාරා නුවර මල්ලයන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදූ භාජනය නිදන් කොට ස්ථූපයක් කරවා විශාල පූජෝත්සවයක් පවත්වන ලදී.
පිප්ඵලීවන නුවරවැසි මෞර්ය වංශිකයන් විසින් ආදාහනය කළ තැනින් ගෙනා අඟුරු නිදන් කොට පිප්ඵලීවන නුවර ස්ථූපයක් කරවා විශාල පූජෝත්සවයක් පවත්වන ලදී.

PIRINIWAN STUPA (පිරිනිවන් ථූපය)

This great stupa is built in the exact place where our Supreme Buddha attained Parinibbana between the two Sal Trees.

බුද්ධ පරිනිර්වාණය සිදු වූ තැන අශෝක අධිරාජයා කරවූ ථූපය මහා පරිනිර්වාණ ථූපයයි. මෙම ස්ථූපයේ පදනම සඳහා භාවිත කළ ගඩොල්වලට වඩා උඩ කොටසේ ගඩොල් කුඩා බැවින් මුලදී කරවූ ථූපය විනාශ වී පසු කලෙක එය ගොඩනගන්නට ඇතැයි කාර්ලයිල් මහතා පවසයි. දාගැබ බිඳවැටී කැලෑවෙන් වැසුණු උස් භූමියත් මේ ථූපය හා පරිනිර්වාණ විහාරය සොයා ගන්නා ලද්දේ කාර්ලයිල් මහතා විසිනි.

PIRINIVAN PILIMAWAHANSE (පිරිනිවන් පිළිම වහන්සේ)

ගණ කැලෑවෙන් වැසී තිබුණු මෙම විහාරයේ නටබුන් සහ ප්‍රතිමාව එක්දහස් අටසිය හැත්තෑහයේදී කාර්ලයිල් මහතා විසින් පරීක්ෂා කර එහි පසට යටවී තිබුණු පරිනිර්වාණ බුද්ධප්‍රතිමාව සොයා ගන්නා ලදී. අඩි විස්සක් උස මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාවේ කැඩී බිඳී ගිය තැන් යථා තත්ත්වයට පමුණුවා ආසනය සකස් කර අලුතෙන් ගොඩනැගූ විහාරයේ තැන්පත් කරවීය.

කත්වාන ලෝකහිතමත්ථ හිතං ච නාථෝ
ආසිතිකෝව උපවත්තන කානනම්හි
යස්මිං නිසජ්ජ භගවා නිරුපාධිසේසං
නිබ්බාණ චේතියමහං සිරසා නමාමි

ලෝ සත කෙරෙහි හිත සුවේ – යෙදුවෝ තිලෝනා
වැඩි සේක සාල උයනට – අසූ වෙනි වියෙහි දී
යම් තැනක සැතපී සිට – පිරිනිවන් පා වදාළෝ
නිබ්බාන චේතිය උතුම් – සිරසින් වදිම් මම්

DATHU SEYA (ද්‍රෝණයක් ධාතු තැන්පත් කල සෑය)

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු මල්ල රජදරුවෝ තමන්ට ලැබුනු සර්වඥ ධාතු නිධන්කොට කුසිනාරාවේ ස්ථූපයක් කරවූහ. එතැන් සිට කුසිනාරාව බෞද්ධයන්ගේ වන්දනීය පූජනීය නගරයක් බවට පත් විය

ADHANA STUPA – KUSINARA (ආදාහන ස්ථූපය)

This stupa is built on the exact place where our Supreme Buddha’s Sacred Body was cremated after the Maha Parinibbana.

May our homage be to our Sun & Moon, our great teacher, the Supreme Buddha 🙏🏽

WHERE OUR SUPREME BUDDHA DRANK WATER FOR THE LAST TIME (පැන් පොකුණ)

මෙම ස්ථානය භාග්‍යවතුන්වහන්සේ පරිනිර්වාණයට පෙර අවසන් වරට පැන් වැළඳූ ස්ථානය ලෙස සැලකේ.

✈️ Day 10 (Lumbini)

LUMBINI – THE FINAL BIRTHPLACE OF OUR GREAT BODHISATTA (ලුම්බිණිය)

මායාසුතෝ සුගත සාකිය සීහනාථෝ
ජාතක්ඛණේ සපදසා මහි චංකමිත්වා
යස්මිං උදීරයි ගිරිං වර ලූම්බිණිම්හි
තං ජාත චේතියමහං සිරසා නමාමි

මායා බිසව්ගේ කුසින් – වැඩි බෝසතාණෝ
ඒ මොහොතෙ දී පියවරින් – සක්මන් කළෝ මෙහි
විහිදූ මිහිරි සිහනදින් – ලූම්බිණී උයන්හී
ඒ ජාත චේතිය උතුම් – සිරසින් වඳිම් මම්

Inside the Viharaya you can see the exact place where the Bodhisatta first placed feet on this earth.

Think of the occasion when all the worlds trembled during the birth of our great Bodhisatta just like a Brahma stepping out his Brahma mansion.

It was here that before the Bodhisatta reached the ground, four guardian devas received Him and placed the Bodhisatta by Queen Maha Maya. Just like a jewel-treasure was placed on a cloth from Kasi, His golden body emerged from the mother’s womb unsoiled by water, mucus, blood or any impurities, pure and clean. Our Bodhisatta opened His blue eyes as soon as He was born!

It was here that our Bodhisattas sacred feet imprinted with thousand-spoked wheels with rims and hubs complete in every detail, pink in colour like the lotus petal was welcomed by 7 beautiful lotuses 🪷

It was here that our Bodhisatta roared the lion’s roar

Aggo hamasmi lokassa
I am the Chief in the world
Jettho hamasmi lokassa
There is no equal to me
Settho hamasmi lokassa
I am Supreme
Ayamanthima jathi
This is my last birth
Natthi dani punabbhavo.
No rebirth for me.

අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සන්තුසිත දෙවිරජු ව තුසිත දෙවිලොව වැඩ සිටියහ. එවිට දස දහසක් සක්වළවාසී දෙවිබඹහු බෝසතුන් කරා පැමිණ සම්බුද්ධත්වය පිණිස මනුලොව උපදින්නට මෙසේ අයැද සිටියහ.

“කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියං
සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයන් වහන්ස, සම්බුද්ධත්වය ලබා දෙවියන් සහිත ලෝකයා ව සසර කතරින් එතෙර කරවනු පිණිස, මව්කුස පිළිසඳ ගන්නට මේ සුදුසු කාලය යි.”

එම ගෞරවනීය ඇරයුම පිළිගත් බෝසතාණන් වහන්සේ, කාලය – දීපය – දේශය – කුලය – මව යන පංචමහාවිලෝකනයන් සිදු කළ සේක.

කාලය – මිනිස් ආයුෂ අවුරුදු 120ක් වූ, සත්‍යය කුමක් ද? කුසලය කුමක් ද? (කිං සච්ච ගවේසි? කිං කුසල ගවේසි?) යන විමුක්තිකාමී යුගයක් හෙයින් සුදුසු කාලය යි.
දීපය – සියලු බුදු, පසේබුදුවරයන් වහන්සේලා ද සක්විති රජවරු ද බිහිවන පුණ්‍ය භූමිය වූ දඹදිව් තලය යි.
දේශය – දඹදිව මධ්‍ය මණ්ඩලයේ ශාක්‍ය දේශය යි
කුලය – ක්ෂත්‍රීය වංශයේ සුද්ධෝදන රජ පවුල යි
මව – පින්වන්ත, සීලවන්ත මහාමායා දේවිය යි.

ඉක්බිති, ඇසළ පුන් පොහෝ දිනක මව්දේවියට සුබ සිහින දක්වමින්, සිහිනුවණින් ම තුසිත දෙව්ලොවින් චුත වී, සිහිනුවණින් ම බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳගත් සේක. මජ්ඣිම නිකායේ ආශ්චර්ය අද්භූත සූත්‍රයට අනූව සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මව්කුස සුවසේ වැඩුණු බෝසත් කුමරාණන්, අකලට පිපුණු සල් මල්වලින් අලංකාර වූ ලුම්බිණි සල් වනයේ දී සිහිනුවණින් ම මෙලොවට ජනිත විය. බෝසත් කුමරු මුලින් ම රන්මසු දැලකින් පිළිගන්නා ලද්දේ, ශුද්ධාවාස බඹ ලොව අනාගාමී බ්‍රහ්මයන් විසිනි.

ඉන් පසු සතරවරම් දෙවිවරුන් අතට පත් වූ කුමරුන් මව්දේවියට පිළිගැන්වූයේ මෙලෙස පවසමිනි. “දේවිය, සතුටු වනු මැනවි. ඔබතුමියට ඉතා පින්බර පුත් කුමරෙකු උපන්නා.” මව්දේවියගේ අතින් ගිලිහී පොළොව මත සිඟිති පා තබද්දී පැනනැඟුණු පියුම් මතින් සත් පියවර තබා ඇවිදගොස් දකුණු අත ඉහළට ඔසවා මෙසේ සිංහනාද කළ සේක.

“අග්ගෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවෝති.”

“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජේ්‍යෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. යළි ඉපදීමක් නැත්තේ ය.”

✈️ Day 11 (Lumbini -> Kapilavastu -> Savatthi)

KAPILAVASTU (කපිලවස්තුපුර)

පහළොස්වෙනි වස් කාලය කපිලවස්තුපුර මහවනයේ වැඩ සිටි සේක. ශාක්‍ය ජනපදයේ අගනුවර වූ කපිලවස්තුපුර සමීපයේ පිහිටි මහ වනයකි. පන්සිය නමක් රහතුන් පිරිවරා වැඩසිටියදී මහාසමය සූත්‍රය දේශනා කළේ මෙහිදී ය

KAPILAVASTU SEYA (කපිලවස්තුව – ද්‍රෝණයක් ධාතු තැන්පත් කල සෑය)

This Stupa is built in our Supreme Buddha’s hometown. It used to enshrine 1/8th of the Supreme Buddha’s relics. Now some of these relics can be seen in the New Delhi Museum. It was in this town that the Supreme Buddha taught the Maha Samaya Sutta!

May our homage be to this great Stupa!

GANDABBA RUKKA MULA STUPA (ගන්ධබ්බ රුක්ඛ මූලය)

This is where our Supreme Buddha performed the Great Twin Miracle (Yamaka Maha Prathiharaya).

When Arahant Dabba Malla Puththa went with Arahant Sariputta went on alms, a prince kept a sandalwood alms bowl on top of a Bamboo tree and said if there are Arahants to take it.

When nobody came, people started to think that Rajagaha doesn’t have any Arahants. To destroy this rumor, Arahant Dabba Malla Puththa rose to the sky and takes the alms bowl.

Later people came together to watch this ‘Irdi Prathiharya’ (psychic powers). Supreme Buddha upon hearing this, did not permit monks to portray psychic powers ever again.

ජේතවනාරාමයට කිලෝමීටරයක් පමණ දුරින් ප්‍රධාන මාර්ගය අසල මෙය පිහිටා ඇත. සැවැත්නුවර මහසිටුතුමා විසින් ඉතා උස කණුවක් මත සඳුන් පාත්‍රයක් තබා ඍද්ධිමත් රහතුන් සිටී නම් මෙය අහසින් පැමිණ ගනිත්වා යි අභියෝග කළේ ය. රහතුන් යැයි කියාගෙන සිටි අන්‍යාගමික පිරිස කිසිවක් කරකියා ගත නොහැකිව සිටිය දී පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩ මහා පෙළහර පා සඳුන් පාත්‍රය ගත් අතර මෙකරුණට ගර්හා කළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ලාභ සත්කාර පිණිස ගිහි පිරිසට ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතු බවට ශික්ෂාපදයක් පැනවූ සේක.

මෙය ඇසූ අන්‍ය තීර්ථකයෝ “දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ තටු සිඳිලා” යැයි ගරහන්නට වූහ. එකල්හී බුදුරජුන් එයට පිළිතුරු ලෙස යමක මහා පෙළහර සහිතව අසිරිමත් පෙළහර දැක්වීමක් සිදු කළ ස්ථානය මෙය යි. ගණ්ඩ නම් උයන්පල්ලා පූජා කළ අඹ ගෙඩිය වළඳා එහි ඇටය මේ ස්ථානයේ රෝපණය කරවූ බුදුරජාණෝ පාත්‍රය සෝදා ඒ මතට පැන් වත් කළ විගස ම සුවිසල් අඹ ගසක් ඇති විය. එය ගණ්ඩම්බ රුක යි.

දුෂ්කරක්‍රියා පිළිබද සදහන් වන සූත්‍ර දේශනා: මහා සීහනාද සූත්‍රය (https://tripitaka.online/sutta/140), මහාපදාන සූත්‍රය (https://tripitaka.online/sutta/175), අරියපරියේසන සූත්‍රය (https://tripitaka.online/sutta/339), බෝධිරාජකුමාර සූත්‍රය (https://tripitaka.online/sutta/503)


✈️ Day 12 (Savatthi)

SAVATTHI (සැවැත්නුවර ජේතවනාරාම)

The final sacred site of our pilgrimage—the magnificent Anathapindika’s Monastery in Jeta’s Grove, Savatthi.

The Blessed One resided in Savatthi for 24 years and this is the very place where our Supreme Buddha spent 19 rains retreats, where countless profound Dhamma discourses were delivered, including the Maha Mangala Sutta!

This land, purchased by Anathapindika by covering it in gold coins, became home to many great Arahants—Arahant Sariputta, Arahant Maha Moggallana, Arahant Rahula, Arahant Ananda, Arahant Seevali and many more.

It’s also where the great Ananda Bodhi resides.

A place of immense merit and wisdom, where the Dhamma flourished for generations.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ශ්‍රාවස්ථිය බුදු සසුනේ කේන්ද්‍රස්ථානය වූයේ සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව ය. මෙම භූමිය කොසොල් රජුගේ පුත්‍රයෙකු වූ ජේත නම් කුමාරයෙකුට අයත්ව තිබූ උද්‍යානයකි. වෙළඳාම් කටයුත්තකට රජගහ නුවරට ගිය ගමනකදී සම්බුදුරජුන් සරණ ගොස් සෝතාපන්න බවට පත් වූ අනේපිඬු සිටුතුමා මෙම භූමිය දහඅට කෝටියක් රන් කහවණු අතුරා මිල දී ගන්නා ලදී.

විසිඑක්වෙනි වස් කාලයේ සිට හතලිස්හතරවෙනි වස් කාලය දක්වා ම වස් සාර මාසය ගතකළේ සැවැත් නුවර යි. (එම වස්කාල 25න් 19ක් ජේතවනාරාමයේ ද 06ක් පූර්වාරාමයේ ද වැඩසිටි සේක.)

බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන් දේශනා කිරීම ද විනය ශික්ෂාපද පැනවීම ද සිදු කළේ මෙම ජේතවනාරාමයේ,දී ම ය. මජ්ඣිම නිකායේ සඳහන් සූත්‍ර දේශනා 152න් හැටපහක් ම මෙහි දී කළ සදහම් දේශනාවන් ය. සංයුත්ත නිකායේ සහ අංගුත්තර නිකායේ ඇතුළත් දහස් ගණනක් වූ සූත්‍ර දේශනාවන්ගෙන් හතරෙන් තුනක් පමණ ම ජේතවනාරාමයේ දී කළ දේශනා ය. එමෙන් ම,

✨ ප්‍රිය විප්‍රයෝගයෙන් සිහිවිකල් ව සිටි පටාචාරාව සහ කිසාගෝතමිය දහම් අසා සුවපත්ව සසුන් දායාදය ලැබීම.
✨ දරුණු මිනීමරුවෙකු ව සිටි අංගුලිමාලයන් දමනය කරවා සසුන් දායාදය ලබා දීම.
✨ සුනීත, සෝපාක අසරණ දරුවන් හට සසුන් දායාදය ලබා දීම.
✨ චූලපන්ථක තෙරුන් අරහත්වයට පත් වීම.
✨ බාහිය දාරුචීරිය අරහත්වයට පත් වීම.
✨ සුභා තෙරණියගේ ගැලවුණු ඇස සුවපත් වීම.
✨ පූතිගත්තතිස්ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ සහ ආනන්ද තෙරුන් ගිලන් උපස්ථානය කිරීම.

ANANDA BODHIYA (ආනන්ද බෝධීන් වහන්සේ)

Devotees from near and far used to come to the Jetavana monastery to venerate the Supreme Buddha. But sometimes, Supreme Buddha would be residing at a different monastery, therefore, upon Venerable Ananda’s request, the Ananda Bodhinwahansa was placed so that people can worship the Bodhinwahansa that resembles the Buddha when the Buddha is not actually present in the monastery 🙏🏽

May our homage be to the Ananda Bodhiya 🙏🏽

සුරෝපිතං සුදත්තේන
සම්බුද්ධේන පූජිතං
ආනන්ද බෝධි නාමෝයං
දුමින්දං සිරසා නමේ!

මෙම බෝධීන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේ ම ය. දෙව්රම් වෙහෙරේ වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේ වස් පවාරණය කොට භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩි සේක. ඇතැම් මනුෂ්‍යයෝ බුදුරජුන් බැහැ දැකීම පිණිස දුර බැහැර ගෙවාගෙන මල්, සුවඳ ද්‍රව්‍ය හා පිරිකර රැගෙන දිනපතාම පැමිණෙන්නට වූහ. එහෙත් බුදුරජුන් විහාරයේ නැති බැවින් ඔවුහු මහත් දුකට පත්ව රැගෙන ආ පූජා වස්තූන් පිදීමට තැනක් සොයන්නට විය. දෙව්රම් වෙහෙරේ එබඳු තැනක් නොතිබුණු හෙයින් ඔවුන් එම පූජා වස්තූන් ගන්ධකුටියේ ඉදිරිපස තබා ගියාහු ය.

මෙය දුටු අනේපිඬු සිටුවරයා ආනන්ද තෙරුන් හට මෙකරුණ සැල කළේ ය. එවිට ආනන්දයන් වහන්සේ බුදුරජුන් සමීපයේ මෙය පවසා සිටියේ ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ නොමැති අවස්ථාවක, බුදුරජුන්ට පිදෙනා පූජාවන් පිදීමට සුදුසු චෛත්‍යයෝ තිබෙත්දැ”යි විමසූ විට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක. “ආනන්දයෙනි, ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ලෙස චෛත්‍යයෝ තුනකි. ශාරීරික චෛත්‍ය යනු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශ්‍රී දේහයේ ධාතු නිධන් කරවා කරවන චෛත්‍යයන් ය. ආනන්දයෙනි, පාරිභෝගික චෛත්‍යයක් වන බෝධීන් වහන්සේ, බුදුරජුන් ජීවමාන කල ම පිදීමට සුදුසු ය.”

මෙය ඇසූ ආනන්දයන් වහන්සේ බුදුරජුන්ගෙන් අවසර ගෙන ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයක් ගෙන්වා ගැනීමට මොග්ගල්ලාන තෙරුන් පිටත් කර හැරී ය. මොග්ගල්ලානයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් ගෙන එය කොසොල් මහරජුට භාර දුනි. එය රජු විසින් අනේපිඬු සිටුවරයාට දුන් අතර එතුමා දෙව්රම් වෙහෙර ඉදිරිපිට රෝපණය කළේ ය. අසිරිමත් බුද්ධානුභාවයෙන් එකෙණෙහි ම අතුපතර විහිදී ගිය මහා බෝධි වෘක්ෂයක් බවට පත් විය. භාග්‍යවතුන් වහන්සේ එදින රැය පහන් වන තුරු බෝධිය අසල සමවත් සුවයෙන් වැඩ හිඳ එහි පූජනීයත්වය වැඩි කළ සේක.

ආනන්ද ස්වාමීන් වහන්සේ මූලික වීමෙන් රෝපණයවූ නිසා මෙය ආනන්ද බෝධිය නම් වී යැයි කියනු ලැබේ.

ARAHANT RAHULA THERO’S KUTI – රාහුල මහ රහතන් වහන්සේගේ කුටිය

ARAHANT PUTHIGATISSA THERA’S KUTI – පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේගේ කුටිය

SUPREME BUDDHA’S KUTI – භාග්‍යවතුන් වහන්සේගේ සලලගර කුටිය (රජකාරාමය/සලලගර)

පසේනදී කොසොල් රජතුමා විසින් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කරවන ලද මෙම සුවිසල් විහාරයේ නටඹුන් ජේතවන විහාර සංකීර්ණය පසෙකින් තිබේ. බුදුරජුන් දහම් දෙසද්දී අන්‍යාගමික තීර්ථකයන්ගේ ආරාම මිනිසුන්ගෙන් හිස් වන්නටත්, ලාභ සත්කාර ආදිය පිරිහී යන්නටත් විය. මෙය භූමි ලාභයකියි සිතූ තීර්ථකයෝ පසේනදී කොසොල් රජුට රන් කහවණු ලක්ෂයක අල්ලසක් දී සැවැත්නුවරට යාබදව අන්‍යාගමික ආරාමයක් කරවන්නට පටන් ගත්තෝය.
මෙය අනාගතයට මහත් අර්බුදයක් වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ මෙයින් අනවශ්‍ය ගැටුම් හටගන්නා බව රජු හට තේරුම් කරවීය. ඉන් පසු රජු විසින් එම ස්ථානයේ ම බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවන උදෙසා රාජකාරාමය කරවී‍ය.

මෙහිදී දේශනා කල සූත්‍රයකි නන්දකොවාද සූත්‍රය (https://tripitaka.online/sutta/866) (නන්ද ස්වාමින් වහන්සේ භික්ෂුනීන්ට ධර්මය දේශනා කරන භික්ෂූන් අතර අග තැන්පත් කල සූත්‍රය)

DATHU STUPA – රහතන් වහන්සේලාගේ ධාතු සෑ

ARAHANT SEEVALI THERO’S KUTI (සීවලී මහ රහතන් වහන්සේගේ කුටිය)

පියං දෙව මනුස්සානං – බ්‍රහ්මාණඤ්ච පියං තථා,
පියං නාගසුපණ්ණානං – කතකිච්චං අනාසවං.
ලාභිං ලභන්තං සබ්බත්ථ – වනෙ ගාමෙ ජලෙ ඵලෙ,
ලාභීනමග්ගතං පත්තං – කත්වාන කුසලං බහුං.
ඡළභිඤ්ඤං මහාතේජං – පභින්නපටිසම්භිදං,
සුසීලං සීවලීතෙරං – නමාමි සිරසාදරං.

සීවලිත්ථේරගාථා – https://tripitaka.online/sutta/15363

ARAHANT ANGULIMALA THERA’S KUTI (අංගුලිමාල මහ රහතන් වහන්සේගේ කුටිය)

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – අංගුලිමාලෝති විස්සුතෝ
අප්පමාදං සමාදාය – වීතතණ්හෝ සුසංවුතෝ
තං කාරුණිකං සුසමාහිතින්ද්‍රියං – වන්දාමි පරිනිබ්බුතංගුලිමාලං

පෙර යමෙක් පමා වීමෙන් – අඟුල්මල් සේ ප්‍රකට වූයෙද
නොපමාව බුදු සසුනෙහි – නිකෙලෙස් ව රහත් වූයෙද
සියලු තණ්හාවෙන් මිදී ගොස් – හොඳින් සංවර වූයෙද
ඒ කාරුණික සමාහිත ඉඳුරන් ඇති – අමා නිවනට වැඩිය අපගේ
අඟුල්මල් රහත් මුනිඳුට – වඳිමි මම සාදරයෙන්

අංගුලිමාලත්ථේරගාථා – https://tripitaka.online/sutta/14580

ARAHANT SARIPUTTA’S THERO’S STUPA

We were blessed to offer a Kanchuka to Arahant Sariputta’s Thero’s Stupa in Anathapindika’s Monastery in Savatthi

ගෞතම බුදු සසුනේ අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කලක් ජේතවනාරාමයේ වැඩවාසය කළ සේක. උන්වහන්සේ ඒ අවස්ථාවල දී භික්ෂූන් හට දහම් කතාවෙන් අනුග්‍රහ කළ සේක. සාරිපුත්තයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කොට තනවා තිබෙන ස්ථූපයක නටබුන් මෙහි දී දැකගත හැක.

SAKMANA – සක්මන

දෙව්රම් වෙහෙරේදී බුදුරජුන් බොහෝ විට සක්මන් කරමින් වැඩ සිටි ස්ථානය මෙය යි. සම්බුදු සිරිපා පහස ලද මේ භූමියේ පසුකාලීනව කරවූ පූජනීය ඉදිකිරීමක නටබුන් අද එහි දක්නට ඇත.

භාග්‍යවතුන් වහන්සේගේ කොසම්බිය කුටිය

ARAHANT ANANDA THERO’S KUTI (ආනන්ද මහ රහතන් වහන්සේගේ කුටිය)

May our homage be to the great Arahant Ananda Thera, who delighted the minds of all who saw him and attended to our Buddha like a shadow for 25 years 🙏🏽🙏🏽🙏🏽

SUGANDA KUTI – භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ කුටිය

බුදුරජාණන් වහන්සේ වැඩ විසූ විහාරය ගන්ධ කුටිය හෙවත් ගඳකිළිය යි. අනේපිඬු සිටුතුමා විසින් කුටියේ වහළ මුළුමනින් ම සුදු හඳුන් ලීයෙන් කරවා තිබූ හෙයින් ද දෙවියන් විසින් නිරතුරු දිව්‍ය සුවඳින් සුවඳවත් කරවූ හෙයින් ද මෙයට ගන්ධ කුටිය යැයි ව්‍යවහාර විය. මෙය දේව විමානයක් හා සමානව සුන්දරව තිබුණු බව සංයුත්ත නිකාය අට්ඨ කථාවේ සඳහන් වේ. එහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඇතුල් කුටිය දිග අඩි 8ක් සහ පළළ අඩි 7ක් පමණ වන අතර අදට ද එහි පදනම දකින්නට තිබේ.

DAMSABA MANDAPAYA (දම්සභා මණ්ඩපය)

මෙය තිබෙන්නේ ගන්ධ කුටිය සමීපයේ ම ය. දෙව්රම් වෙහෙරට පැමිණි පිරිසට සහ දෙව්රම් වෙහෙරේ වැඩ විසූ සඟ පිරිසට බුදුරජුන් දහම් දෙසූ ස්ථානය මෙය යි. මෙහි උස් පීඨිකාව බුදුරජුන් දම් දෙසුමට වැඩ සිටි ස්ථානය යි. ඒ අසල ම ඇති සමචතුරස්‍ර භූමිභාගය පිරිස ධර්ම ශ්‍රවණය කළ භූමිය යි.

KARERU KUTI (භාග්‍යවතුන් වහන්සේගේ කරේරු කුටිය)

කරේරු කුටිය – ලුණුවරණ ගසක් යට තිබූ කුටිය – මහාපදාන සූත්‍රය – බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතාපදාන ගැන වදාළ දෙසුම (https://tripitaka.online/sutta/175) දේශනා කලේ මෙහිය

ජේතවන පොකුණ සහ ගිනිහල්ගේ

වරක් කොසොල් රටට වර්ෂාව නොමැති වී යාම හේතුවෙන් වැව්, පොකුණු ආදිය සිඳී ගොස් රටවාසීන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන් අවස්ථාවක අප බුදුරජාණන් වහන්සේ සියලු සතුනට අනුකම්පාවෙන් යුතුව වර්ෂාව වැසීමට අධිෂ්ඨාන කළ සේක.

එහි දී මහා වර්ෂාවක් ඇද හැලී ගිය අතර බුදුරජාණන් වහන්සේත්, භික්ෂු සංඝයාත් වර්ෂා දියෙන් පිරී ගිය මෙම පොකුණේ වර්ෂාවේ ම පැන් පහසු වූහ. මෙහි දී භික්ෂූන් විසින් පැන් පහසුවේ දී නානකඩය පාවිච්චි කළ යුතු බවට සිල්පදය පැනවීම ද සිදු විය.

අනේපිඩු සිටුතුමාගේ මාලිගාව

ANGULIMALA SEYA – SAVATTHI (අංගුලිමාල සෑය)

This wonderful stupa is built exactly where our Arahant Angulimala chanted the Angulimala Paritta as a blessing for the mother who was finding it difficult to deliver her child.

May our homage be to our great Arahant Angulimala Thera 🙏🏽🙏🏽🙏🏽

අනේපිඬු සිටු මාළිගය අසල මෙය පිහිටා ඇත. දරුණු සොරෙක් සහ මිනීමරුවෙකු වූ අංගුලිමාල සදහම් අසා බුදු සසුනේ පැවිදි උපසම්පදාවට පත් විය. දිනක් පිඬු පිණිස වඩිනා උන්වහන්සේට දරු ප්‍රසූතියක දී දරුගැබ සිරවී වේදනාවෙන් සිටින ස්ත්‍රියක් දැක මහත් අනුකම්පාවක් හටගත්තේය.

බුදුරජුන්ගේ අවවාද ලැබූ අංගුලිමාල තෙරුන් වහන්සේ “නැගණිය, මම ආර්ය ජාතියෙහි යම් දිනක උපන්නෙම් ද එදා පටන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ දිවි තොර කර නැත්තෙමි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා…! ඔබේ දරුවාගේ ප්‍රසූතිය සුව සේ වේවා…!” යි සත්‍ය ක්‍රියා කරන විට ම අසිරිමත් ලෙස සුවසේ දරු ප්‍රසූතිය සිදු විය. එම ස්ථානයේ ඉදිකරන ලද ස්ථූපය අංගුලිමාල චෛත්‍යය ලෙස හඳුන්වයි. අද එහි නටබුන් දක්නට ඇත.

අංගුලිමාල සුත්තං – https://tripitaka.online/sutta/504


✈️ Day 13 (Savatthi -> Delhi)


✈️ Day 14 (Delhi-> Colombo)

📝 Registration

Embark on a transformative journey! Register now for our pilgrimage to ancient sites and discover the path to inner peace, gain merits, and embrace a deeper understanding of Buddhism. Don’t miss this opportunity for spiritual growth and connection. Secure your place today!”

📹 Dhamma Sermons